මෙල්බන් ක්රිකට් ක්රීඩාංගණය (MCG) වෙත ඕනෑම ක්රිකට් තරගයක් නැරඹීමට පැමිණි වැඩිම ප්රේක්ෂක සංඛ්යාවේ වාර්තාව අද (26) අලුත් වුණා.
ඒ මේ වනවිට පැවැත්වෙන බොක්සිං දින අලුබඳුන ටෙස්ට් තරගය අතරතුරදීයි.
ඒ අනුව ප්රේක්ෂකයන් 93,442 ක් අද (26) දිනයේදී තරගය නැරඹීම සඳහා මෙල්බන් ක්රිකට් ක්රීඩාංගණය වෙත පැමිණ තිබෙනවා.
මෙය MCG හි ක්රිකට් තරගයක් නැරඹීම සඳහා වාර්තාගත වැඩිම ප්රේක්ෂක සංඛ්යාව වන අතර එය 2015 ලෝක කුසලාන අවසන් තරගය සඳහා පැමිණ සිටි වැඩිම ප්රේක්ෂක සංඛ්යාව 93, 013 ඉක්මවයි.
