ශේන් වෝර්න් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් ක්රීඩාකළ තරගාවලි 04 සඳහා ලබාගෙන තිබුණේ ඉන්දීය රුපියල් කෝටි 9.35 ක මුදලක් පමණයි.
පසුව ඔහු රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමඟ එකඟතාවයකට පැමිණි අතර ඊට අනුව තමන්ගේ වැටුප වෙනුවට තමන් IPL පිටියෙන් සමුගන්නා තෙක් කණ්ඩායමේ හිමිකාරීත්වයෙන් සියයට 0.75 ක කොටසක් හිමිවුණා.
තරගාවලි 04 ක් අවසානයේදී ශේන් වෝර්න් ට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ කොටස්වලින් සියයට 3 ක අයිතිය හිමිවුණා.
ඊයේ (24) රාජස්ථාන් රෝයල්ස් ෆ්රැන්චයිසය අලෙවි කරන විට එහි වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 15,301 ක්.
ෆ්රැන්චයිසය අලෙවි කිරීමේදී ඔහු සතු සියයට 3 ක කොටස්වල වටිනාකම කෝටි 460 ක්.