කාන්තා ජාත්‍යන්තර තරගවලදී ලකුණු 10,000 සීමාව පසුකර ගිය 04 වන පිතිකාරිණිය බවට ස්මිට්රි මන්දනා අද (28) පත්වුණා.
ඒ ශ්‍රී ලංකාවට එරෙහි 04 වන විස්සයි විස්ස තරගය අතරතුරදීයි.
මෙම තරගයේදී ඉන්දීය පිතිකාරිණියන් දෙදෙනෙකු ජාත්‍යන්තර කාන්තා විස්සයි විස්ස තරගයකදී ගොඩනැඟූ ඉහළම ලකුණු සබඳතාවය ද වාර්තා වුණා.
මෙම වාර්තාව ගොඩනැගුවේ ඉන්දීය කාන්තා පිතිකාරිණියන් යුගලය වන ස්මිට්රි මන්දනා සහ ශෆාලි වර්මා විසිනි.
ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 162 ක සබඳතාවයක් ගොඩනැඟුවා.
