මතීෂ පතිරණට බොහෝදුරට මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරගවලින් ඉවත් වීමට සිදුව ඇති බවට මාධ්‍ය වාර්තා පළ වනවා.
ඒ පසුගියදා පැවති ඔස්ට්‍රේලියාවට එරෙහි තරගයේ දී පන්දු යවමින් සිටිය දී ආබාධයකට ලක්වීමයි.
මතීෂ ගේ වම් පාදයේ කලවා ප්‍රදේශයේ මාංශපේෂී ආශ්‍රිතව මෙම ආබාධය ඇතිවී තිබෙනවා.
කෙසේවෙතත්, ඔහු වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු නම් කිරීම තවදුරටත් ප්‍රමාද වන බවටයි මාධ්‍ය වාර්තා පළ වන්නේ.
මේ අතර මතීෂ වෙනුවට ආබාධ තත්වයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වූ වනිඳු හසරංග යළි සංචිතයට කැඳවීම කෙරෙහි සළකා බලමින් සිටින බව ද එම මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන්.
මූලික වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය හෙට සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.00 ට කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.