ආබාධයකට ලක්වූ මතීෂ පතිරණ වෙනුවට ඩිල්ෂාන් මධුසංක ශ්‍රී ලංකා සංචිතයට එක්කර තිබෙනවා.
ඒ සඳහා තරගාවලියේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය අද (18) හිමිවුණා.
පසුගියදා ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරගයේ දී මතීෂ පතිරණ වම් පාදයේ කලවා ප්‍රදේශයේ මාංශපේෂී ආබාධයකට ලක්වුණා.
ඒ හේතුවෙන් ඔහුට තරගාවලියේ ඉදිරි තරග සඳහා ක්‍රීඩා කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ.
ඩිල්ෂාන් මධුසංක පසුගිය සිම්බාබ්වේ තරග සංචාරයේදී කඩුලු ත්‍රිත්වයක් ද වාර්තා කළා.