Where the Life Meets Cricket

info@cricketlk.com

"මට පන්දු යවන්න දුන්නොත් මම ඕවර දහයක්ම යවන්නම්"

කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය පළමුවරට ඉන්දියාවට දිනා දීමට ප්‍රමුක කාර්‍යක් ඉටුකළ ශෆාලි වර්මාගේ විශිෂ්ඨත්වය පිළිබඳ තරගයෙන් අනතුරුව ඉන්දීය නායිකා හර්මන්ප්‍රීත් කෞර් විශේෂ සඳහනක් කර තිබුනා.

ශෆාලි වර්මා ආරම්භක පිතිකාරිණිය ලෙස ලකුණු 87ක් රැස් කල අතර, ඊට අමතරව දකුණු අප්‍රිකාවේ ප්‍රබල පිතිකාරිණියන් දෙදෙනෙක් කෙටි වෙලාවක් ඇතුළත ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් වුණා.

මෙහි කැපීපෙනෙන සිදුවීම වූයේ වර්මා පන්දු යැවීමට කැදවීමට පෙර 114/2 ක් තිබුණ ලකුණු පුවරුව, පන්දුවාර දෙකක් ඇතුළත 123/4ක් බවට පත්වීමයි.

ශෆාලි වර්මා නිතර පන්දුයැවිම්මට කැදවන ක්‍රීඩිකාවක නොවීම හේතුවෙන් මෙය දස්කම කැපී පෙනුනා.

තරගයෙන් අනතුරුව ඉන්දීය නායිකා හර්මන්ප්‍රීත් කෞර් මෙම සිදුවීම පිටුස වූ කතාව හෙළිදරව් කලා.

“ලෝරා සහ සුනේ පන්දුවට පහර දෙමින් සිටියදී, ඔවුන් ඇත්තෙන්ම හොඳ තත්වයක් පෙනුමක් තිබුණා. මම ශෆාලි එතන සිටගෙන සිටිනවා දැක්කා, ඇය පන්දුවට පහර දුන් විදිහ දැක්කාම, මම දැනගෙන හිටියා අද අපේ දවස කියලා. මම හිතුවා, මම ඇයට අවම වශයෙන් එක් ඕවරයක්වත් දිය යුතුයි කියලා. ඒක අපිට තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යය වුණා.”

මෙම තීරණයට හේතුවී තිබුනේ ශෆාලි වර්මා මීට පෙර ඉන්දීය කණ්ඩාම හමුවේ සිදුකල ප්‍රකාශයක්.

“ඇය කණ්ඩායමට ආපු වෙලාවේ අපි ඇයත් එක්ක කතා කළා අපිට ඕවර 2-3ක් අවශ්‍ය වෙන්න පුළුවන් කියලා, එතකොට ඇය කිව්වා මට පන්දු යවන්න දුන්නොත් මම ඕවර දහයක්ම යවන්නම් කියලා. ඇය එතරම් ධනාත්මකව සිටියා වගේම කණ්ඩායම වෙනුවෙන් හිටියා.”

අවසන් මහ තරගයේ වීරවරිය බවට පත්වුනේ ද ශෆාලි වර්මා යි.

Share This Post

Post a comment

2 Responses

Leave a Reply

Your email address will not be published. Required fields are marked *