Where the Life Meets Cricket

info@cricketlk.com

බ්‍රෙට් ලී Australian Cricket Hall of Fame ලැයිස්තුවට

ඕස්ට්‍රේලියානු හිටපු වේග පන්දු යවන ක්‍රීඩක බ්‍රෙට් ලී , ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කීර්ති නාම (Australian Cricket Hall of Fame) ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.

ඔහුගේ වේගය, ක්‍රිකට් ක්‍රීඩාවේ දිගු කාලයක් රැඳී සිටීම සහ ක්‍රීඩාශීලීත්වය මගින් අර්ථ දක්වා ඇති කැපී පෙනෙන ජාත්‍යන්තර වෘත්තීය ජීවිතය හඳුනා ගනිමින් මෙම ලැයිස්තුවට ඇතුලත් කර ඇත.

බ්‍රෙට් ලී, 1999 සිට 2012 දක්වා සියලුම ආකෘතීන් හරහා ඕස්ට්‍රේලියාව නියෝජනය කළ අතර ටෙස්ට් තරඟ 76 කදී, කඩුලු 310 ක් ලබා ගැනීමද සුවිශේෂී වනවා.

එක්දින ජාත්‍යන්තර තරගවලදී, තරඟ 221 කදී කඩුලු 380 ක් ලබා ගනිමින්, සාමාන්‍ය 23.36 කින්, ඕස්ට්‍රේලියාවේ සර්වකාලීන ශ්‍රේෂ්ඨ සීමිත ඕවර පන්දු යවන්නන් අතරටද ඔහුව පත්ව තිබෙනවා.

ඔහු විස්සයි20 ජාත්‍යන්තර තරග 25 ක් ක්‍රීඩා කර, කඩුලු 28 ක් ලබා ගත් අතර, ආරම්භක බිග් බෑෂ් ලීග් ශූරතාව දිනාගත් සිඩ්නි සික්සර්ස් කණ්ඩායමේ සාමාජිකයෙකුද වනවා.

ඕස්ට්‍රේලියාවේ ආධිපත්‍ය යුගයේ ලී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ අතර, ICC ක්‍රිකට් ලෝක කුසලාන ශූරතා තුනකට (1999, 2003 සහ 2007) සහ අළු බඳුන තරඟ රැසකට දායක වී තිබෙනවා.

පැයට කිලෝමීටර 160 ක වේගයෙන් පන්දුයවා ඇති ඔහු, ඕස්ට්‍රේලියාව වෙනුවෙන් සියලුම ආකෘතිවලින් කඩුලු 700 කට වඩා ලබා ගනිමින් ඔහුගේ ජාත්‍යන්තර වෘත්තීය ජීවිතය අවසන් කළා.

2006 දී බ්‍රෙට් ලී වසරේ Wisden ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නම් කරන ලද අතර 2008 දී ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රීඩකයා ලෙස පිළිගැනීමට ලක් වූ අතර, කීර්තිමත් Allan Border පදක්කම හිමි කර ගත්තා.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending Articles

ranatunga
Read More
Sanath-Jayasuriya-appointed-Head-Coach-1080x675
Read More
647538134_2156301918503146_5003940479759199144_n
Read More