මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තීරණාත්මක තරගයක් අද (16) ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.00 ට ආරම්භ වනවා.
මෙම තරගය ඔස්ට්‍රේලියා කණ්ඩායම අනිවාර්යයෙන්ම ජයගත යුතු අතර යම් හෙයකින් ඔස්ට්‍රේලියාව මෙම තරගයෙන් පරාජයට පත්වුවහොත් නිසැකවම ඔවුන්ට මෙවර තරගාවලියෙන් ඉවත්වීමට සිදුවනු ඇති.
ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය ජයගතහොත් සුපිරි 08 දෙනාගේ තරග වටයට සුදුසුකම් ලබාගත හැකියි.
මේ අතර,අද තරගය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමට කමිල් මිෂාර වෙනුවට කුසල් ජනිත් පෙරේරා කණ්ඩායමට එක්වනු ඇති බවට මාධ්‍ය වාර්තා පළ වනවා.