මෙවර නැගීඑන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට බංග්ලාදේශ A කණ්ඩායම අද (21) සමත් වුණා.
ඒ අද (21) පැවති පළමු අවසන් පූර්ව තරගයේ සුපිරි පන්දුවාරයේදී ඉන්දීය A කණ්ඩායම පරාජයට පත්කිරීමත් සමඟයි.
තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දීය A කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
ඒ අවසරයෙන් පිටියට පිවිසි බංග්ලාදේශ A කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 06 ක් දැවී ලකුණු 194 ක් රැස්කළා.
ජයග්‍රහණය සඳහා ලකුණු 195 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය A කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 06 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 194 ක් පමණයි.
ඒ අනුව තරගයේ ජයග්‍රාහකයා තීරණය කිරීම සඳහා සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමට සිදුවුණා.
එහිදී ඉන්දීය A කණ්ඩායමට කිසිදු ලකුණක් රැස්කිරීමට බංග්ලාදේශ A පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.
ජයග්‍රහණය සඳහා එක් ලකුණක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ A කණ්ඩායම සුපිරි පන්දුවාරයේදී තරගයේ ජය තමන් සතුකර ගත්තා.
ඒ අනුව, මෙවර නැගීඑන ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට බංග්ලාදේශ A කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තා.
