
ICC පිරිමි පන්දුවාර 20 ලෝක කුසලානයෙන් ඉවත් නොවීමට තමන් දැනට සිටින C කාණ්ඩයේ සිට B කාණ්ඩයට මාරු කරන්නැයි බංග්ලාදේශය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
අද (17) ඩකා හීදී ICC නියෝජිතයන් මුණගැසුණු අවස්ථවේදී බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ.
මෙම හුවමාරුව වෙනුවෙන් දැනට B කාණ්ඩයේ සිටින අයර්ලන්තය C කාණ්ඩයට හුවමාරු කරන්නැයි ද බංග්ලාදේශය තවදුරටත් ඉල්ලා සිටිනවා.
දැනට B කාණ්ඩයේ ශ්‍රී ලංකාව – ඔස්ට්‍රේලියාව – සිම්බාබ්වේ – අයර්ලන්තය සහ ඕමානය යන කණ්ඩායම් සිටිනවා.
බංග්ලාදේශය – බටහිර ඉන්දීය කොදෙව් – ඉතාලිය – එංගලන්තය සහ නේපාලය C කාණ්ඩයේ සිටින රටවල් වනවා.
කිසියම් අයුරකින් බංග්ලාදේශයේ මෙම ඉල්ලීමට සෑම පාර්ශවයක්ම එකඟ වුවහොත් විස්සයි විස්ස ලෝක කුසලානයේ මූලික වටයේ ඔවුන්ට මුහුණ දීමට සිදුවන සියලුම තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනු ඇති.
