Where the Life Meets Cricket

info@cricketlk.com

බංග්ලාදේශයේ IPL තරග විකාශය තහනම් වෙයි

බංග්ලාදේශ රජය විසින් නැවත දැනුම් දෙන තුරු එරට තුළ IPL තරග විකශය කිරීම තහනම් කර තිබෙනවා. 
 
මෙම ගැටළුකාරී තත්වය උද්ගත වූයේ 2026 IPL තරග වාරය වෙනුවෙන් කොල්කටා නයිට් රයිඩර්ස් සංචිතය නියෝජනය කළ මුස්ටෆිසූර් රහ්මාන් ඉන් ඉවත් කිරීමත් සමඟයි.
 
දෙරට අතර උද්ගත වූ මෙම අර්බුදකාරී වාතාවරණය සැළකිල්ලට ගනිමින් බංග්ලාදේශය ඉකුත් දා ICC ය වෙත ලිපියක් ද යොමුකර තිබුණා.
 
තම ක්‍රීඩකයන්, මාධ්‍ය සහ ප්‍රේක්ෂකයන්ගේ ආරක්ෂාව මත පදනම්ව බංග්ලදේශ කණ්ඩායම ඉන්දියාවේදී සහභාගී වීමට නියමිතව තිබූ ICC පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග සියල්ල ශ්‍රී ලංකාවේදී පවත්වන ලෙසට ද බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ICC යෙන් ඉල්ලීමක් සිදුකර තිබුණා.
 
බොහෝදුරට, එම ඉල්ලීමට සාධනීය පිළිතුරක් ඉක්මනින් ලැබෙනු ඇති බවටයි මාධ්‍ය වාර්තා පළ වන්නේ.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *