Where the Life Meets Cricket

info@cricketlk.com

බංග්ලාදේශයෙන් ICC යට ලිපියක්

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය (BCB) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
 
ඒ උද්ගතව ඇති ගැටළුකාරී තත්වය සැළකිල්ලට ගනිමිනි.
 
එහිදී එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාවේදී පැවැත්වෙන තරගවලදී තම ක්‍රීඩකයන් – මාධ්‍ය සහ ප්‍රේක්ෂකයන්ගේ ආරක්ෂාව පිළිබඳ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ICC යෙන් විමසීමක් සිදු කර ඇතැයි වාර්තා වනවා.
 
එමෙන්ම, මුස්ටෆිසූර් රහ්මාන් 2026 IPL තරග වාරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් විධිමත් පැහැදිලි කිරීමක් සිදු කරන ලෙසද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඔවුන් ඉල්ලීමක් සිදුකර තිබීම ද විශේෂත්වයක්.
 
උද්ගතව ඇති තත්වය හමුවේ බොහෝදුරට බංග්ලාදේශය ඉන්දියාවේදී තරග වැදීමට නියමිතව තිබූ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග සියල්ල ශ්‍රී ලංකාවේදී පවත්වනු ඇති බවටයි මාධ්‍ය වාර්තා පළ වන්නේ.
 
 

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *