මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග සඳහා බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවට නොයෑම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තීරණාත්මක සාකච්ඡාවක් අද (21) පවත්වා තිබෙනවා.
ඊට ICC පූර්ණ සාමාජිකත්වය හිමි රටවල අධ්‍යක්ෂකවරුන් සහභාගී වී තිබෙනවා.
අදාළ සාකච්ඡාව අවසානයේදී ඡන්ද විමසීමක් ද පවත්වා ඇති අතර මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ ඊට සහභාගී වූ සාමාජිකයන් වැඩි පිරිසක් සිය ඡන්දය භාවිත කර ඇත්තේ බංග්ලාදේශ කණ්ඩායම වෙනුවට වෙනත් කණ්ඩායමක් ආදේශ කළ යුතු බවට යනුවෙනි.
බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට තම අවසන් තීරණය දැනුම් දීම සඳහා ICC ය විසින් තවත් එක් දිනක් කල් ලබා දී තිබෙනවා.
යම් හෙයකින් බංග්ලාදේශ කණ්ඩායම මෙවර තරගාවලිය සඳහා සහභාගී නොවීමට තීරණය කළහොත් ඔවුන් වෙනුවට C කාණ්ඩයෙන් ස්කොට්ලන්ත කණ්ඩායම තරගාවලිය සඳහා ක්‍රීඩා කරනු ඇති.