සංචාරක පකිස්ථාන කණ්ඩායමත් බංග්ලාදේශ කණ්ඩායමත් අතර අද (11) දිනයේ සිට පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියේදී පකිස්ථානය වෙනුවෙන් යොවුන් පිතිකරුවන් කිහිප දෙනෙකු එක්දින වරම් දිනාගැනීමට නියමිතයි.
20 හැවිරිදි වියේ පසුවන Maaz Sadaqat එම ක්රීඩකයන් අතර සිටිනවා.
ඔහු මෙවර නැගීඑන ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ දී විශිෂ්ට දක්ෂතා ප්රදර්ශනය කිරීමට සමත් වුණා.
එමෙන්ම, 21 හැවිරිදි වියේ පසුවන Shamyl Hussain ද මෙවර තරගාවලියේ දී පකිස්ථානය වෙනුවෙන් එක්දින වරම් දිනාගනු ඇති.
ඊට අමතරව ශහිබ්සාඩා ෆර්හාන් සහ Abdul Samad ද මෙම සංචිතය සඳහා ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.
මෙවැනි තරගාවලිවලදී නවක ක්රීඩකයන්ට අවස්ථාව ලබාදීම සැබවින්ම කාලෝචිත ක්රියාවක්.