
එංගලන්තයෙන් T20 ලෝක වාර්තාවක්
ICC පූර්ණ සාමාජිකත්වය හිමි රටකට එරෙහිව T20I තරගයකදී කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.
ඒ දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහි දෙවන T20I තරගය අතරතුරදීයි.
පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 02 ක් පමණක් දැවී ලකුණු 304 ක් රැස්කළා.
T20I තරග රටාව තුළ කණ්ඩායමක් රැස්කළ තුන්වන වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ ද මෙයයි.
එමෙන්ම ICC පූර්ණ සාමාජිකත්ව රටකට එරෙහිව T20I තරගයකදී කණ්ඩායමක් ලකුණු 300 + සීමාව පසුකර ගිය පළමු අවස්ථාව ලෙසටයි මෙය සැළකෙන්නේ.
Share This Post
