පැතුම් තැබූ විශිෂ්ට වාර්තා
ශ්‍රී ලංකාවට කඩුලු 06 ක විශිෂ්ට ජයක් හිමිකර දෙමින් අවසන් වූ බංග්ලාදේශයට එරෙහි ආසියානු කුසලාන ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු වාර්තා රැසක් පිහිටුවීමට සමත් වුණා.
ඒ අනුව ජාත්‍යන්තර T20 තරග රටාව තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගයෙන්ම ලකුණු 2000 සීමාවට ළඟාවූ පිතිකරුවා බවට පත්වීමට පැතුම්ට හැකියාව ලැබුණා.
පැතුම් නිස්සංක – ඉනිම් 68
කුසල් පෙරේරා – ඉනිම් 76
කුසල් මෙන්ඩිස් – ඉනිම් 80
මේ වනවිට ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම T20I ලකුණු සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවන් අතර තුන්වන ස්ථානයේ නිස්සංක රැඳී සිටිනවා.
කුසල් පෙරේරා – 2,139*
කුසල් මෙන්ඩිස් – 2,079*
පැතුම් නිස්සංක – 2,000*
T20I ආසියානු කුසලාන තරග ඉතිහාසයේ අර්ධ ශතක 03 ක් රැස්කළ තෙවන පිතිකරුවා මෙන්ම පළමු ශ්‍රී ලාංකික පිතිකරුවා වන්නේද ඔහුයි.
විරාට් කෝලි – 04
මොහොමඩ් රිස්වාන් – 03
පැතුම් නිස්සංක – 03**
ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම T20I අර්ධ ශතක රැස්කළ පිතිකරුවන් අතරට පැමිණීමටද පැතුම්ට ඊයේ අවස්ථාව උදාවුණා.
පැතුම් නිස්සංක – 16*
කුසල් පෙරේරා – 16 *
කුසල් මෙන්ඩිස් – 16*
එමෙන්ම ශ්‍රී ලංකාවෙන් පිටතදී (Away) පැවති T20I තරගවලදී වැඩිම අර්ධ ශතක සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවා බවට පත්වීමට ද ඔහුට ඊයේ අවකාශය හිමිවුණා.
පැතුම් නිස්සංක – 12*
කුසල් මෙන්ඩිස් – 11*
මහේල ජයවර්ධන – 07
T20I තරග රටාව තුළ ශ්‍රී ලංකාව ලකුණු හඹාගිය (Chase) අවස්ථාවලදී වැඩිම අර්ධ ශතක රැස්කළ පිතිකරුවා වන්නේද පැතුම් නිස්සංකයි.
පැතුම් නිස්සංක – 09*
T.M ඩිල්ෂාන් – 07
කුසල් මෙන්ඩිස් – 07*
Share This Post
Post a comment
Trending Articles


