ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටු ප්‍රධානී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ තමා සම්බන්ධයෙන් පළකර තිබූ ප්‍රකාශයකට ශ්‍රී ලංකා හිටපු ප්‍රධාන පුහුණුකරුවෙකු ද වන මිකී ආතර් දැඩි විරෝධයක් පළකර තිබෙනවා.
2021 වසරේ පැවති බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පැතුම් නිස්සංක එක්කිරීමට එවක පුහුණුකරු මිකී ආතර් විරෝධය පළකළේ යැයි ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සඳහන් කළ බවට මාධ්‍ය වාර්තා පළවී තිබුණා.
ඊට ප්‍රතිචාර දක්වමින් මිකී ආතර් අවධාරණය කර ඇත්තේ තමාට කිසිදු ක්‍රීඩකයෙකු සමඟ පුද්ගලික මතභේදයක් නොතිබූ බවයි.
දක්ෂතා අතින් ඉහළම ක්‍රීඩකයන් සංචිතයට ඇතුළත් කිරීම තම එකම ප්‍රතිපත්තිය වූ බවද ඔහු පෙන්වා දෙනවා.
අද වනවිට පැතුම් නිස්සංක දක්වන දක්ෂතා පිළිබදව තමා ද අතිශය සතුටු වන බවයි මිකී ආතර් TelelomAsia.Net වෙබ් අඩවියට අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ.
