ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැති පළමු එක්දින තරගය ලකුණු 6කින් ජයගැනීමට පාකිස්තාන කණ්ඩායම අද (11) සමත් විය.
තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය රාවල්පින්ඩි හීදි පැවැත්විණ.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහරදීම සඳහා පාකිස්තාන කණ්ඩායමට ආරාධනා කළේය.
ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 299ක් රැස් කළේය.
එහිදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් සල්මන් ආගා නොදැවී ලකුණු 105ක් රැස්කළේය.
මොහොමඩ් නවාස් නොදැවී ලකුණු 36යි.
හුසේන් තලාත් ලකුණු 62ක් රැස්කළ අතර ෆකාර් සමාන් ලකුණු 32ක් රැස්කළේය.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග කඩුලු 03ක් දවාගත්තේය.

One Response
Waniya out une nethnam dinanna tibba