Where the Life Meets Cricket

info@cricketlk.com

“පසුගිය කාලය පුරාවට අපි හොඳින් ක්‍රීඩා කලා – පකිස්ථාන තරගාවලිය දිනනවා”

පකිස්ථානයට එරෙහි තරගාවලිය ජය ගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පවසනවා.

මෙය අභියෝගාත්මත තරගාවලියක් බවයි ඔහු කියාසිටියේ.

පකිස්තානයේ තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (08) උදෑසන දිවයිනෙන් පිටත්ව ගියා.

ශ්‍රී ලංකාව මෙහිදී පකිස්තානය සමග එක්දින තරග 3 කට එක්වීමට නියමිත අතර එම තරග ලබන අගහරුවාදා ආරම්භ වනවා.

අනතුරුව පකිස්තානය සහ සිම්බාබ්වේ කණ්ඩායම් සමග පන්දු වාර 20 තුන්කොන් තරගාවලියකට ද ශ්‍රී ලංකා පිල එක්වනු ඇති.

එම තරගාවලිය මේ මස 17 වැනිදා ආරම්භ වනවා.

පකිස්ථාන සංචාරයට පිටත්ව යාමට පෙර මාධ්‍ය ඇමතූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක මෙසේද පැවසීය.

“පකිස්ථානය කියන්නේ හොඳින් ක්‍රීඩා කරන රටක්…. පසුගිය කාලය පුරාවට අපිත් හොඳින් ක්‍රීඩා කලා….. තරගාවලිය දිනන්න බලාපොරොත්තු වෙනවා”

 

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *