
පරාජයන් හමුවේ එංගලන්ත පුහුණුකරු ධුරයේ වෙනසක් ?
එංගලන්ත ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරයේ තවදුරටත් රැඳී සිටීමට බලාපොරොත්තු වන බව බ්‍රෙන්ඩන් මැකලම් පවසනවා.
අළුබදුන තරගාවලි පරාජය හමුවේ ප්‍රධාන පුහුණුකරු ධුරයේ වෙනසක් සිදුවිය යුතු බවට මතවාදයක් නිර්මාණය වී ඇති පසුබිමකයි ඔහු මෙම අදහස් පළකර ඇත්තේ.
කෙසේවෙතත්, කිසියම් අයුරකින් මෙම තනතුර වෙනස් කිරීමට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගතහොත් තමා ඊට ද අවනත වන බව මැකලම් වැඩිදුරටත් සඳහන් කළා.
ඔහුට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ අත්සන් තබා ඇති ගිවිසුමට අනුව 2027 ක්‍රිකට් ලෝක කුසලානය අවසන් වන තෙක් ප්‍රධාන පුහුණුකරු ධුරයේ කටයුතු කළ හැකියි.
ක්‍රිකට් වාර්තා පවසන්නේ තවත් මාස කිහිපයකින් පැවැත්වෙන පන්දුවාර 20 ලෝක කුසලානයෙන් පසු එංගලන්ත ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධූරය පිළිබඳ අවසන් තීරණයක් ගැනෙනු ඇති බවයි.