මෙවර ICC පිරිමි පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන අමෙරිකා එක්සත් ජනපද සංචිතයේ පකිස්ථාන සම්භවයක් සහිත ක්‍රීඩකයන් සිව් දෙනෙකුගේ ඉන්දීය වීසා අයදුම්පත්‍ර ප්‍රතික්ෂේප වී ඇති බවට මාධ්‍ය වාර්තා පළ වනවා.
ඒ අතර, Ali Khan – Ahayan Jahangir – Mohammad Mohsin සහ Ehsan Adil යන ක්‍රීඩකයන් ද සිටින බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් Ali Khan සිය Instagram සමාජ මාධ්‍ය ගිණුම තුළ ද සටහනක් තබා තිබුණා.
කෙසේවෙතත්, තරගාවලිය සඳහා සහභාගී වන අමෙරිකා එක්සත් ජනපද සංචිතය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නැහැ.
මේ අතර, මෙම ගැටළුකාරී තත්වය හමුවේ එක්සත් අරාබි එමීර් – ඕමානය – නේපාලය – කැනඩාව – එංගලන්තය – සිම්බාබ්වේ සහ නෙදර්ලන්තය වැනි රටවල පකිස්ථාන සම්භවයක් සහිත ක්‍රීඩකයන් 15 දෙනෙකුට වැඩි පිරිසකගේ ඉන්දීය වීසා අයදුම්පත්‍ර ප්‍රතික්ෂේප වීමේ අවදානමක් පවතිනවා.
මීට පෙරද මෙවැනිම ආකාරයේ පකිස්ථාන සම්භයක් සහිත ක්‍රීඩකයන්ගේ ඉන්දීය වීසා අයදුම්පත්‍ර ප්‍රතික්ෂේප වූ අවස්ථා තිබීම ද විශේෂත්වයක්.
One Response
Who cares if they don’t? India will bag the trophy.. mark my words holy..