Where the Life Meets Cricket

info@cricketlk.com

පකිස්ථාන - ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය ඉදිරියට යාම අවිනිශ්චිතයි ?

පෙරේදා (10) පකිස්තානයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයත් සමඟ ශ්‍රී ලංකා පකිස්තාන ක්‍රිකට් තරගාවලිය සැලසුම් කළ ආකාරයෙන් ඉදිරියට පැවැත්වෙන්නේ ද යන්න සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්වයක් නිර්මාණය වී තිබෙනවා.

 

නිළ නොවන ක්‍රිකට් වාර්තා පවසන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් අද (12) දිනයේදී මේ පිළිබඳව ක්‍රිකට් ආයතන බලධාරීන් සමඟ සාකච්ඡා කර ඇති බවයි.

 

ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානම් වන බවටද වාර්තා පළ වනවා.

 

මේ අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක ද අද (12) පස්වරුවේ දුරකතනය හරහා දැනට පකිස්තානයේ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සහ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය සමඟ මේ පිළිබඳව සාකච්ඡා කර ඇති බව සඳහන්.

 

ජනාධිපතිවරයා එහිදී දැනුම් දී ඇත්තේ පකිස්තානය සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාවට සහය පළකර රටක් බැවින් තවදුරටත් එරට රැඳීසිට්න ලෙසටයි.

 

මේ අතර, පකිස්තාන ක්‍රිකට් ආයතනය ද ශ්‍රී ලංකා කණ්ඩායමට උපරිම ආරක්ෂාවක් සපයන බවට නැවත වරක් තහවුරු කිරීමක් සිදුකොට ඇති බවට ද එරටින් ලැබෙන නිල නොවන වාර්තා පළ වනවා.

 

Share This Post

Post a comment

One Response

Leave a Reply

Your email address will not be published. Required fields are marked *