
පකිස්ථාන කාන්තා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු නෙරපයි
පකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරයෙන් මුහම්මද් වසීම් ඉවත්කර තිබෙනවා.
මෙවර කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේදී එම කණ්ඩායම දැක්වූ දුර්වල තරග විලාසය මත පදනම්වයි පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය එම තීරණය ගෙන ඇත්තේ.
හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ද වන මුහම්මද් වසීම් කලක් පකිස්තාන ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටු ප්‍රධානියා ලෙස ද කටයුතු කරනු ලැබුවා.
මේ අතර, පකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් විදේශීය පුහුණුකරුවෙකුගේ සේවය ලබාගැනීමට පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමුවී ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
Share This Post
