Where the Life Meets Cricket

info@cricketlk.com

පකිස්ථානයේ තීරණයෙන් ICC යට ඩොලර් මිලියන 22 ක පාඩුවක් ?

මෙවර පන්දුවාර 20 (පිරිමි) ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාවට එරෙහි තරගයට ක්‍රීඩා කිරීම වර්ජනය කිරීමට පකිස්ථාන රජය ඊයේ (01) තීරණය කළා.
 
ඒ හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට විශාල මූල්‍ය පාඩුවක් සිදුවන බවටයි මාධ්‍ය වාර්තා පළ වන්නේ.
 
Cricbuzz වාර්තා කරන අන්දමට පකිස්ථානයේ මෙම තීරණය හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ඩොලර් මිලියන 22 ක (ඉන්දීය රුපියල් කෝටි 200) ක පමණ මූල්‍ය පාඩුවක් සිදුවිය හැකියි.
 
තරගාවලියේ මූලික වටයේ තරගයක් ලෙස පැවැත්වෙන ඉන්දු – පකිස්ථාන තරගය ලබන 15 වෙනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටයි සෑළසුම් කර තිබුණේ.
 
මෙවර පන්දුවාර 20 (පිරිමි) ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන 07 වනදා ආරම්භ වීමට නියමිතයි.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *