Where the Life Meets Cricket

info@cricketlk.com

පකිස්ථානයට ලකුණු 289 ක ඉලක්කයක්

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර රාවල්පින්ඩිහිදී අද (14) පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වූ අතර ඔවුන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

 

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 288ක් රැස් කිරීමට සමත් විය.

 

එහිදී ජනිත් ලියනගේ ලකුණු 54ක් රැස් කළ අතර කමිඳු මෙන්ඩිස් ලකුණු 44ක් හා සධීර සමරවික්‍රම ලකුණු 42ක් රැස් කිරීමට සමත් විය.

 

එමෙන්ම කමිල් මිෂාර ලකුණු 27ක් ලබා සිටිය දී දැවී ගිය අතර පැතුම් නිස්සංක ද ලකුණු 24ක් ලබා සිටිය දී දැවී ගියේය.

 

පන්දු යැවීමේ දී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් Haris Rauf හා Abrar Ahmed කඩුලු 2 බැගින් දවා ගත් අතර Mohammad Wasim එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය.

 

ඒ අනුව පාකිස්තාන කණ්ඩායම 289ක ඉලක්කයක් හඹා යාමට නියමිතය.

 

අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් පමණක් සිදුකර ඇති අතර මහීෂ් තීක්ෂණ වෙනුවට ප්‍රමෝද් මධුෂාන් කණ්ඩායමට එක්කර තිබේ.

 

එමෙන්ම පාකිස්තාන කණ්ඩායමේ නිත්‍ය නායක ශහීන් ෂා අෆ්රිඩි අද තරගයට සහභාගී නොවන අතර කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සල්මන් අගා වෙත පවරා ඇති බව සඳහන් වේ.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *