ශ්‍රී ලංකාවට එරෙහි 03 වන එක්දින තරගය ජයගැනීමට පකිස්ථාන කණ්ඩායමට ළකුණු 212 ක ඉලක්කයක් හිමිවී තිබේ.
කාසියේ වාසිය දිනු පකිස්ථානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 45.2 කදී කඩුලු සියල්ලන් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 211 කි.
ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වූ සධීර සමරවික්‍රම ලකුණු 48ක්ද, සිය මංගල එක්දින තරගයට ක්‍රීඩාකරන පවන් රත්නායක ලකුණු 32ක්ද රැස්කළේය.
පාකිස්තානය වෙනුවෙන් මොහොමඩ් වසීම් ලකුණු 47කට කඩුලු 3ක් හා හාරිස් රවුෆ් ලකුණු 38කට කඩුලු 2ක්ද දවාගත්තේය.
