Where the Life Meets Cricket

info@cricketlk.com

පකිස්තාන T20 ලෝක කුසලාන සංචිතය නම් කරයි 

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන පාකිස්තාන කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. 

 

සල්මන් අලි අග්හාගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායමට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් වේ. 

 

ඉන් ක්‍රීඩකයින් හය දෙනෙකුගේ මංගල ලෝක කුසලාන තරගාවලිය මෙය වීමත් විශේෂත්වයකි. 

 

මෙම තරගාවලියේදී පාකිස්තාන ‘A’ කාණ්ඩය යටතේ තරග කරන අතර පෙබරවාරි මස 7 වැනිදා නෙදර්ලන්තයට එරෙහිව ඔවුන් සිය පළමු තරගයට ක්‍රීඩා කරනු ඇත. 

 

සල්මන් අලි අගා (නායක), අබ්රාර් අහමඩ්, බබාර් අසාම්, ෆහීම් අෂ්රෆ්, ෆකාර් සමාන්, ඛවාජා මොහොමඩ් නෆේ (කඩුලු රකින්නා), මොහොමඩ් නවාස්, මොහොමඩ් සල්මන් මිර්සා, නසීම් ෂා, සහිබ්සාදා ෆර්හාන් (කඩුලු රකින්නා), සයිම් අයුබ්, ෂහීන් ෂාහ් අෆ්රිඩි, ශබ්දාබ් ඛාන්, උස්මන් ඛාන් (කඩුලු රකින්නා) සහ උස්මාන් තාරික් යන ක්‍රීඩකයින් ලෝක කුසාලන තරගාවලියට ඇතුළත්ව සිටිති.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *