Where the Life Meets Cricket

info@cricketlk.com

පකිස්තානයත් තීරණයක් ගන්න සැරසෙයි - බංග්ලාදේශ අවසන් තීරණය ජනවාරි 21 ට පෙර

එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා ඉන්දියාවට යනවාද ? නැද්ද ?… පිළිබඳ අවසන් තීරණය ජනවාරි 21 වනවිට දැනුම්දෙන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය බංග්ලාදේශයට දැනුම්දී ඇත.

 

බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් හා ICC නියෝජිතයන් අතර ඩකාහිදී පැවති සාකච්ඡාවෙන් අනතුරුව මේ බව දැනුම්දී තිබේ.

 

මෙම සාකච්ඡාවේ දී බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය  ICC නියෝජිත මණ්ඩලයට දැනුම්දී ඇත්තේ, තමන් විස්සයි20 ලෝක කුසලානය ක්‍රීඩා කිරීමට කැමති බවය.

 

එහෙත් ඒ සඳහා ඉන්දියාවෙන් පිටත ස්ථානයක් දිගින් දිගටම ඉල්ලන ඔවුන් සිය ස්ථාවරය වෙනස්කර නොමැත.

 

මේ අතර බංග්ලාදේශ සිද්ධිය පදනම් කරගනිමින් පාකිස්තාන ක්‍රිකට් ආයතනයද මෙවර ලෝක කුසලානයට සහභාගී වීම පිළිබඳ යළි සලකා බැලීමේ තීරණක් ගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

 

කිසිදු රටක් සත්කාරක පීඩනයට මුහුණ නොදිය යුතු බව පාකිස්තානය අවධාරණය කරන අතර, ඒ හේතුවෙන් අසල්වැසියන්ට පූර්ණ සහයෝගය ලබා දෙන බවට සහතික වී ඇති බවත් සඳහන්.

Share This Post

Post a comment

One Response

Leave a Reply

Your email address will not be published. Required fields are marked *