පකිස්තාන කණ්ඩායමට එරෙහි T20I තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් කිහිපයක් සිදුවීමට නියමිත බවට මාධ්‍ය වාර්ත පළවනවා.
ඒ අනුව, චරිත් අසලංක, මතීෂ පතිරණ, ධනංජය ද සිල්වා සහ දුනිත් වෙල්ලාලගේ යන ක්‍රීඩකයන් නැවත ශ්‍රී ලංකා සංචිතයට එක්වෙනු ඇති.
මීට අමතරව නැගී එන දඟ පන්දු යවන ක්‍රීඩක ට්‍රැවින් මැතිව් ශ්‍රී ලංකා සංචිතයට එක්කර ගැනීමට ද වැඩි ඉඩක් පවතිනවා.
මේ අතර වාර්තාවට අනුව, පිතිකරුවන් වන භානුක රාජපක්ෂ සහ පවන් රත්නායක මෙන්ම පා දඟ පන්දු යවන විජයකාන්ත් වියස්කාන්ත් ද සංචිතයෙන් ඉවත් කර ඇත.
කණ්ඩායම ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ සම සත්කාරකත්වය දරන T20 ලෝක කුසලානය සඳහා සූදානම් වෙමින් සිටී.
තරඟ තුනකින් යුත් පාකිස්තාන T20I තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහි තරග 03 කින් සමන්විත තරගාවලියක් සඳහාද සත්කාරකත්වය සපයනු ඇත.
Source – The Sunday Times
