Where the Life Meets Cricket

info@cricketlk.com

නැගීඑන ආසියානු කුසලාන ශ්‍රී ලංකා A සංචිතය

මෙවර නැගීඑන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය (DP World Asia Cup Rising Stars 2025) සඳහා සහභාගී වන ශ්‍රී ලංකා A සංචිතය ඊයේ (04) නම්කර තිබෙනවා.

 

එහි නායකත්වය හිමිව ඇත්තේ දුනිත් වෙල්ලාලගේ වෙතයි.

 

මෙවර සංචිතය සඳහා නවක ක්‍රීඩකයන් රැසක් ඇතුළත් වී තිබෙනවා.

 

තරගාවලිය නොවැම්බර් 14 වනදා දෝහා කටාර් හීදී ආරම්භ වීමට නියමිතයි.

 

තරගාවලියට සමඟාමීව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය නොවැම්බර් 15 වනදා ඇෆ්ගනිස්තාන A කණ්ඩායමට එරෙහිව පැවැත්වෙනවා.

 

මෙවරත් තරගාවලිය ක්‍රියාත්මක වන්නේ විස්සයි විස්ස තරග ආකෘතිය යටතේයි.

 

තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය පහතින් -:

 

දුනිත් වෙල්ලාලගේ (නායක)
විශේන් හැළඹගේ
නිෂාන් මධුශ්ක (WK)
ලසිත් කෲස්පුල්ලේ
නුවනිඳු ප්‍රනාන්දු
රමේෂ් මෙන්ඩිස්
කවිදු ඩී ලිවේරා
සහන් ආරච්චිගේ
අහන් වික්‍රමසිංහ
ප්‍රමෝද් මධුෂාන්
ගරුක සංකේත්
ඉසිත විජේසුන්දර
මිලාන් රත්නායක
විජයකාන්ත් වියස්කාන්ත්
ට්‍රැවින් මැතිව්

Share This Post

Post a comment