Where the Life Meets Cricket

info@cricketlk.com

ධම්මික ප්‍රසාද් ට අමෙරිකාවෙන් ඇරයුමක් ?

ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් අමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු සහ සහාය පුහුණුකරු වශයෙන් පත්කර තිබෙනවා.
 
ඒ ලබන වසරේ ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන T20I ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගෙනයි.
 
ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 25 කට, එක්දින තරග 25 කට සහ එක් විස්සයි විස්ස තරගයකට ක්‍රීඩාකර තිබෙනවා.
 
එහිදී ධම්ම්ක ප්‍රසාද් ටෙස්ට් කඩුලු 75 ක් සහ එක්දින කඩුලු 32 ක් බිඳහෙළා තිබෙනවා.
 
අමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේද හිටපු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකි.
 
ඔහු නමින් පුබුදු දසනායක වනවා.

Share This Post

Post a comment

One Response

Leave a Reply

Your email address will not be published. Required fields are marked *