ශ්‍රී ලංකා හිටපු පිතිකරු දිමුත් කරුණාරත්න 2026 ජපන් ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ගිවිසුම්ගත වී තිබෙනවා.
එය සැළකෙන්නේ දිමුත් විදේශීය සීමිත පන්දුවාර ලීග් තරගාවලියක් සමඟ ගිවිසුම්ගත වූ පළමු අවස්ථාව ලෙසටයි.
ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් කිසිදු ජාත්‍යන්තර පන්දුවාර 20 තරගයක් සඳහා ක්‍රීඩා කර නැහැ.
LPL තරගාවලියේදීද ඔහුට එක් තරගයක් සඳහා හෝ ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවූයේ නැහැ.