පන්දුවාර 20 (පිරිමි) ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම අර්ධ ශතකය රැස් කිරීමට නායක දසුන් ශානක අද (12) සමත් වුණා.
ඒ ඕමානයට එරෙහි තරගය අතරතුරදීයි.
එහිදී දසුන් ශානක පන්දු 19 කදී සිය අර්ධ ශතකය වාර්තා කළා.
මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන විසිනි.
ඔහු 2007 පන්දුවාර් 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී කෙන්යාවට එරෙහි තරගයේදී පන්දු 21 කින් සිය අර්ධ ශතකය වාර්තා කළා.