Where the Life Meets Cricket

info@cricketlk.com

දකුණු අප්‍රිකාවේ අපරාජිත වාර්තාව බිඳ දැමූ නවසීලන්තය අවසන් මහා තරගයට

දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු කඩුලු 09 කින් පරාජයට පත්කරමින් මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද (04) සමත් වුණා.
 
කොල්කටා හී ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ කාසියේ වාසිය ජයගත් නවසීලන්තය පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
 
ඒ අවසරයෙන් පිටියට පිවිසි දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 08 ක් දැවී ලකුණු 169 ක් රැස්කළා.
 
ලකුණු 170 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 12 පන්දු 05 තුළ එම ඉලක්කය පසුකර ගියා.
 
නවසීලන්තය වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ෆින් ඇලන් පන්දු 33 කදී ශතකයක් රැස්කිරීමට සමත් වුණා.
 
එය සැළකෙන්නේ පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ පිතිකරුවෙකු රැස්කළ වේගවත්ම ශතකය ලෙසටයි. 
 
තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබන දෙවන කණ්ඩායම කවුරුන් ද යනවග තීරණය කරන දෙවන අවසන් පූර්ව තරගය හෙට (05) ඉන්දියාව සහ එංගලන්තය අතර ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.00 ට මුම්බායි හි වන්කෙඩේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *