Where the Life Meets Cricket

info@cricketlk.com

දකුණු අප්‍රිකාවේ අපරාජිත වාර්තාව අද බිඳ වැටෙයිද ?

මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අතර කොල්කටා නුවර ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී අද (04) පැවැත්වෙයි.

 

මෙම තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතය.

 

මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දකුණු අප්‍රිකාව මූලික වටයේදී ඩී කාණ්ඩයෙන් තරග වැදුණු අතර ඔවුන් එහිදී සහභාගි වූ තරග 4ම ජය ගනිමින් සුපිරි අට දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය.

 

සුපිරි අට දෙනාගේ වටයේද සිය ජයග්‍රාහී රිද්මය එලෙසින්ම පවත්වාගත් දකුණු අප්‍රිකාව එම වටයේ පළමු කාණ්ඩයෙන් තරග වැදුණු අතර එම වටයේද සහභාගි වූ තරග 3ම ජය ගනිමින් ඔවුන් අපරාජිතව අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තහවුරු කරගත්තේය.

 

මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසි එකම අපරාජිත කණ්ඩායම වන්නේද දකුණු අප්‍රිකාවයි.

 

නවසීලන්තයද මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඩී කාණ්ඩයෙන් තරග වැදුණු අතර ඔවුන් මූලික වටයේ සහභාගි වූ තරග 4න් තරග 3ක් ජය ගනිමින් සුපිරි අට දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය.

 

සුපිරි අටදෙනාගේ වටයේ දෙවන කාණ්ඩයෙන් තරග වැදුණු නවසීලන්තය එම වටයේ සහභාගි වූ තරග 3න් එක් තරගයක් ජය ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ පාකිස්තානයට වඩා වැඩි දළ ලකුණු වේගයක් රඳවා ගනිමින්ය.

 

දෙවන අවසන් පූර්ව තරගය සත්කාරක ඉන්දියාව සහ එංගලන්තය අතර මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේදී හෙට (05) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතයි.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *