
තේරීම් කමිටු නාමයෝජනා තව සතියෙන් අවසන්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නව ජාතික තේරීම් කමිටුවට සාමාජිකයින් බඳවා ගැනීම සඳහා නාමයෝජනා කැඳවා තිබෙනවා.
ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය දරන ක්‍රීඩා සමාජ සහ සංගම්වලට ඒ සඳහා නාමයෝජනා ඉදිරිපත් කළ හැකියි.
ලබන නොවැම්බර් 05 වනදාට පෙර ඒවා ඉදිරිපත් කළ යුතුයි.
හිටපු නායකයෙකු ද වන උපුල් තරංග ගේ සභාපතීත්වයෙන් යුත් වත්මන් තේරීම් කමිටුවේ නිල කාලය මේ වනවිට අවසන් වෙමින් පවතිනවා.
ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව පත්කරනු ලබන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිර්දේශය මත ක්‍රීඩා විෂය භාර අමාත්‍යවරයා විසිනි.
Share This Post
