Where the Life Meets Cricket

info@cricketlk.com

ටොම් මූඩි ට IPL ලොකු පුටුවක්

ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ඔවුන්ගේ ගෝලීය ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස හිටපු ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ටොම් මූඩි පත් කර තිබෙනවා.


ඔහුට ලක්නව් සුපර් ජයන්ට්ස් මෙන්ම SA20 හි ඩර්බන් හි සුපර් ජයන්ට්ස් සහ හන්ඩ්‍රඩ් හි මැන්චෙස්ටර් පදනම් කරගත් ඔවුන්ගේ කණ්ඩායම භාරව කටයුතු කරනු ඇති.


ටොම් මූඩි විසින් ප්‍රධාන පුහුණුකරු ලෙස රැඳී සිටින හිටපු බටහිර ඕස්ට්‍රේලියා සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සගයෙකු වන ජස්ටින් ලැන්ගර් සහ මෑතකදී උපායමාර්ගික උපදේශක ලෙස පත් කරන ලද කේන් විලියම්සන් සමග කටයුතු කිරීමට නියමිතයි.


60 හැවිරිදි ටොම් මූඩි, දශක දෙකකට වැඩි කාලයක් ජාත්‍යන්තර සහ Franchise කණ්ඩායම් භාරව කටයුතු කර ඇති අතර, ක්‍රීඩාවේ වඩාත්ම ප්‍රශංසනීය පුහුණුකරුවෙකු ලෙස සැළකෙනවා.


2022 IPL තරගාවලියේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමෙන් ඉවත් වීමෙන් පසුවයි මූඩි පළමු වරට මෙලෙස අයි පී එල් තරගාවලියට එක් වන්නේ.


ඔහු 2021 දී ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස නැවත පැමිණි නමුත්, ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ටේ‍රවර් බේලිස් කණ්ඩායමෙන් ඉවත් වීමෙන් පසු ඊළග වාරයේදී ප්‍රධාන පුහුණුකරු තනතුරට පත් කරනු ලැබුවා.

Share This Post

Post a comment