
ජේම්ස් ඇන්ඩර්සන් ට නයිට් පදවියක්
එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාගත් පන්දු යවන්නා වන ජේම්ස් ඇන්ඩර්සන් ට නයිට් පදවිය පිරිනමා තිබෙනවා.
බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය විසින් වින්ඩ්සර් මාලිගයේදී එම පිරිනැමීම සිදුකර තිබුණා.
බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය රිෂී සුනාක් විසින් පසුගිය අප්‍රේල් මාසයේදී ප්‍රසිද්ධියට පත්කළ ගෞරව සම්මාන ලැයිස්තුවට ද ජේම්ස් ඇන්ඩර්සන් ඇතුළත්ව සිටියා.
43 හැවිරිදි හිටපු වේගපන්දු යවන ක්‍රීඩකයා වසර 22 ක ක්‍රිකට් දිවිය තුළදී ටෙස්ට් තරග 188 කට ක්‍රීඩා කර කඩුලු 704 ක් බිඳහෙළා තිබුණා.
ඔහුට වඩා ටෙස්ට් කඩුලු බිඳහෙළා ඇත්තේ ශ්‍රී ලංකා හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සහ ඔස්ට්‍රේලියා හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක ශේන් වෝන් පමණයි.
ජේම්ස් ඇන්ඩර්සන් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගත්තේ 2024 වසරේ ජූලි මාසයේදීයි.
Udara Jayawardhana
Share This Post
