ඔස්ට්‍රේලියා හිටපු පිතිකරු ඩේමියන් මාට්න් කෝමා තත්වයෙන් පසු යළි ප්‍රකෘති තත්වයට පත්ව ඇති බවට Fox Cricket විසින් අද (04) වාර්තා කළා.
54 හැවිරිදි වියේ පසුවන ඩේමියන් මාටින් බොක්සිං දිනයේදී තම නිවසේ සිටියදී ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් එදින රෝහල්ගත කර තිබුණා.
එහිදී ඔහුට මෙනින්ජයිට්ස් රෝගී තත්වය වැළදී ඇති බවට තහවුරු වූයේ.
ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 67 කටත් එක්දින තරග 208 කටත් විස්සයි විස්ස තරග 04 කටත් ඔහු ක්‍රීඩා කර තිබෙනවා.
එහිදී මාටීන් පිළිවලින් ලකුණු 4,406 ක් 5,346 ක් සහ 120 ක් රැස්කර තිබීම ද විශේෂත්වයක්.
