Where the Life Meets Cricket

info@cricketlk.com

කේන් විලියම්සන් T20 තරගවලින් සමු ගනී

නවසීලන්ත හිටපු ක්‍රිකට් නායකයෙකුද වන කේන් විලියම්සන් ජාත්‍යන්තර විස්සයි20 තරගවලින් විශ්‍රාම ගැනීම නිවේදනය කර තිබෙනවා.

 

සිය ක්‍රීඩා අනාගතය පිළිබඳ මාස ගණනක් පුරා අවධානය යොමු කර මෙම තීරණය ගත් බවයි ඔහු සඳහන් කලේ.

 

“මම විශ්‍රාම යන්නේ සුදුසුම කාලේදී.. විස්සයි විස්ස ලෝක කුසලානෙට නවසීලන්ත සංචිතය සකස් කරගන්න ඒක ලොකු උපකාරයක් වේවි..

 

දැනට ඉහළ දක්ෂතා දක්වන නවක ක්‍රීඩකයන්ටත් මගේ මේ තීරණයෙන් ලොකු අවස්ථාවක් ලැබේවි..”

 

කෙසේවෙතත් ලබන මාසයේදී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි තරග තුනකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන බවට කේන් විලියම්සන් නැවත තහවුරු කර තිබෙනවා.

 

35 හැවිරිදි විලියම්සන් 2011 ඔක්තෝබර් මාසයේදී සිය මංගල තරගයෙන් පසු නවසීලන්තය වෙනුවෙන් විස්සයි20 තරග 93 කට සහභාගී වී ඇත.

 

කෙසේ වෙතත්, ඔහු පසුගිය මාසය ආරම්භයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරග තුනකින් යුත් තරගාවලියෙන් ඉවත් වූ අතර, පසුව එංගලන්තයට එරෙහිව පැවති තරගාවලියටද සහභාගීවූයේ නැහැ.

 

ඔහු නවසීලන්තය වෙනුවෙන් දෙවන වැඩිම ලකුණු ලාභියා ලෙස විශ්‍රාම යන්නේ ළකුණු සාමාන්‍යය 33.44 ක් ලෙස ලකුණු 2,575 ක් ලබා අර්ධ ශතක 18 ක් සහ ඉණිමක වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙෂ ළකුණු 95 ක් රැස්කරමිනුයි.

 

2016 සහ 2022 දී 20 ලෝක කුසලාන අවසන් පූර්ව වටයට සහභාගී වීම සහ 2021 දී අවසන් මහා තරගයක් පරාජයට පත්වීම ඇතුළුව තරග 75 කදී කේන් විලියම්සන් නවසීලන්ත කණ්ඩායමේ නායකත්වය දරා තිබුණා.

Share This Post

Post a comment