Where the Life Meets Cricket

info@cricketlk.com

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට - කමිල් මිශාර වෙනුවට චරිත් අසලංක

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ අද (25) පැවැත්වෙන ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් විය.

 

ඒ අනුව ශ්‍රී ලංකා නායකයා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

 

තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වේ.

 

අද තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුව ඇති අතර, ඒ අනුව පෙර තරගයට ක්‍රීඩාකළ කමිල් මිශාර වෙනුවට චරිත් අසලංක කැඳවා ඇත. 

 

අවසන් පූර්ව වටය පිළිබඳ බලාපොරොත්තු රඳවා ගැනීමට නම් මෙම තරගයේ ජය ශ්‍රී ලංකාවට අනිවාර්ය වේ.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *