ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර අද (16) පැවැත්වෙන අවසන් එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායක ෂහීන් ෂා අෆ්රිඩි පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
අද තරගයේ දී ශ්‍රී ලංකා නායකයා ඇතුළුව වෙනස්කම් 4ක් සිදුව තිබේ.
ඒ අනුව නිත්‍ය නායක චරිත් අසලංක වෙනුවට කුසල් මෙන්ඩිස් කණ්ඩායම් නායක ලෙස කටයුතු කරනු ලබයි.
දෙරට අතර තරග 3කින් යුත් මෙම තරගාවලියේ පළමු තරග 2කම ජයගැනීමට සත්කාරක පාකිස්තාන කණ්ඩායම සමත් විය.
Pakistan: 1 Fakhar Zaman, 2 Haseebullah Khan, 3 Babar Azam, 4 Mohammad Rizwan (wk), 5 Salman Agha, 6 Hussain Talat, 7 Faheem Ashraf , 8 Mohammad Wasim Jr., 9 Haris Rauf, 10 Shaheen Shah Afridi (capt.), 11 Faisal Akram
Sri Lanka: 1 Pathum Nissanka, 2 Kamil Mishara, 3 Kusal Mendis (capt.), 4 Sadeera Samarawickrama, 5 Pavan Rathnayake, 6 Janith Liyanage, 7 Kamindu Mendis, 8 Maheesh Theekshana, 9 Pramod Madushan, 10 Eshan Malinga, 11 Jeffrey Vandersay
