
කාන්තා ලෝක කුසලානයේ අවසන් පුර්ව වටය අද ඇරඹෙයි
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද (29) ආරම්භ වෙයි.
අවසන් පූර්ව වටයේ පළමු තරගය එංගලන්ත කාන්තා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම අතර අද පැවැත්වීමට නියමිතව තිබේ.
දෙවෙනි අවසන් පූර්ව වටයේ තරගය ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර හෙට පැවැත්වීමට නියමිතය.
මෙම තරගවලින් ජය ගන්නා කණ්ඩායම් ලබන ඉරිදා (02) පැවැත්වෙන අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇත.
Share This Post
