
කාන්තා ලෝක කුසලානයේ අවසන් පුර්ව වටයට ලංකාවෙනුත් දෙදෙනෙක්
හෙටින් (29) ආරම්භ වන කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ තරග සඳහා වන තරග තීරකයන් සහ විනිසුරුවන් නම්කර තිබෙනවා.
ඒ අනුව, හෙට (29) ගුවහාති හීදී පැවැත්වෙන එංගලන්ත – දකුණු අප්‍රිකා තරගයේ පිටියේ විනිසුරුවරියන් ලෙස Eloise Sheridan සහ Jacqueline Williams කටයුතු කරනු ඇති.
එම තරගයේ තුන්වන විනිසුරු ලෙස Vrinda Rathi කටයුතු කිරීමට නියමිත අතර සිව්වන විනිසුරු ලෙස Claire Polosak කටයුතු කරන බවටයි දැක්වෙන්නේ.
එංගලන්ත – දකුණු අප්‍රිකා තරගයේ තරග තීරකවරිය ලෙඩ GS Lakshmi කටයුතු කිරීමට නියමිතයි.
නොවැම්බර් 30 වනදා නවි මුම්බායි හීදී ආරම්භ වීමට නියමිත ඉන්දු – ඔස්ට්‍රේලියා තරගයේ පිටියේ විනිසුරුවරියන් ලෙස Lauren Agenbag සහ Sue Redfern කටයුතු කරනු ඇති.
දෙවන අවසන් පූර්ව තරගයේ තුන්වන විනිසුරුවරිය ලෙස කටයුතු කරනු ලබන්නේ Kim Cotton විසිනුයි.
මේ අතර ඉන්දු – ඔස්ට්‍රේලියා තරගයේ සිව්වන විනිසුරු සහ තරග තීරක ලෙස පිළිවෙලින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන් දෙදෙනෙකු වන නිමාලි පෙරේරා සහ මිචෙල් පෙරෙයිරා කටයුතු කිරීමට නියමිතයි.
Udara Jayawardhana
Share This Post
