Where the Life Meets Cricket

info@cricketlk.com

ක්‍රිකට් ඔස්ට්‍රේලියා ඩොලර් මිලියන 11 ක පාඩුවක් ලබයි

2024/25 මූල්‍ය වර්ෂය සඳහා ඩොලර් මිලියන 11.3 ක පාඩුවක් සම්බන්ධයෙන් එල්ලවන විවේචනවලට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය ප්‍රතිචාර දක්වා තිබෙනවා.
 
ක්‍රිකට් වික්ටෝරියා සභාපති රොස් හෙප්බර්න් අද (30) පැවති වාර්ෂික මහා සභා රැස්වීමේදී දැඩි විවේචන එල්ල කර තිබූ බව සඳහන්.
 
ක්‍රිකට් ඔස්ට්‍රේලියා ප්‍රධානී ටොඩ් ග්‍රීන්බර්ග් හෙප්බර්න්ගේ විවේචන පිළිගත් නමුත් මාස 12 ක කාලයක් තුළ ප්‍රතිඵලය ශක්තිමත් වනු ඇතැයි සුභවාදී බලාපොරොත්තු පළකර තිබුණා.
 
ඩොලර් මිලියන 11 කට වඩා අහිමි වුවද, ක්‍රිකට් ඔස්ට්‍රේලියා කාර්ය සාධනය ඉදිරියෙන් සිටින බවයි ඔහු අවධාරණය කලේ.
 
ගෘහස්ථ ක්‍රිකට් සඳහා මෙහෙයුම් සහ මූල්‍ය ආධාර කපා හරින බව ක්‍රිකට් ඔස්ට්‍රේලියා විසින් තහවුරු කලේ ඊයේ (29) දිනයේදීයි.
 
2023/24 දී ක්‍රිකට් ඔස්ට්‍රේලියා විසින් ඩොලර් මිලියන 30 කට වඩා පාඩුවක් ලැබූ බවද මෙහිදී සිහිපත් කෙරුණා.
 

Share This Post

Post a comment