Where the Life Meets Cricket

info@cricketlk.com

කමින්ස් - හේසල්වුඩ් අළුබඳුන 02 වන තරගයට එන ළකුණු

අළු බඳුන දෙවන ටෙස්ට් තරගය සඳහා වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ් ක්‍රීඩා කරනු ඇති බවට ඔස්ට්‍රේලියා පුහුණුකරු ඇන්ඩෲ මැක්ඩොනල්ඩ් අනාවැකි පළකරනවා.


ඔහුගේ කලවා මාංශ පේශි ආබාධය නොතකා යම් අවස්ථාවක් ලබා ගත හැකි බවයි පුහුණුකරුවා විශ්වාසය පළකරන්නේ.


දෙසැම්බර් 4 වන දින ආරම්භ වන දෙවන අළු බඳුන ටෙස්ට් තරගය ගැබා හිදී දිවා රාත්‍රී තරගයක් ලෙසිනුයි පැවැත්වෙන්නේ.


ෂෙෆීල්ඩ් පළිහ තරගාවලියේදී ක්‍රීඩා කරමින් සිටියදී ආබාධයකට ලක්වීමෙන් පසු හේසල්වුඩ්ට පර්ත්හි පැවති පළමු ටෙස්ට් ජයග්‍රහණය අහිමි විය.


මේ අතර නායක පැට් කමින්ස් ද දෙවන ටෙස්ට් තරගය සඳහා නැවත පැමිණීමට ආසන්න වෙමින් සිටිනවා.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *