Where the Life Meets Cricket

info@cricketlk.com

ඔස්ට්‍රේලියා හිටපු නායක ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ තැබූ වාර්තා

ඔස්ට්‍රේලියාවෙන් බිහිවූ විශිෂ්ට පිතිකරුවෙකු මෙන්ම නායකයෙකු ද වන ඩේවිඩ් වෝනර් අද (27) සිය 39 වන උපන්දිනය සමරනවා.
 
පහතින් දක්වා ඇත්තේ ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ දැක්වූ දක්ෂතා සහ වාර්තාවල සම්පිණ්ඩනයකි.
 
⭕ ජාත්‍යන්තර තරග 383 ක්
⭕ ජාත්‍යන්තර ලකුණු 18,995 ක්
⭕ ශතක 49 ක්
⭕ අර්ධ ශතක 98 ක්
⭕ හතරේ පහරවල් 2,106 ක්
⭕ හයේ පහරවල් 321 ක්
⭕ උඩපන්දු 224 ක්
 
⭕ ජාත්‍යන්තර ටෙස්ට් තරගයකදී ඉනිම් දෙකේදීම ශතක රැස්කළ පිතිකරුවෙක් (VS SA IN 2014)
 
⭕ ජාත්‍යන්තර ටෙස්ට් තරග ඉනිම්වලදී අඛණ්ඩව වැඩිම වාර ගණනක් අර්ධ ශතක රැස්කළ පිතිකරුවන් අතර 07 වන ස්ථානය (අර්ධ ශතක 06)
 
⭕ ජාත්‍යන්තර ටෙස්ට් තරගයකදී වැඩිම උඩපන්දු සංඛ්‍යාවක් රැකගත් ක්‍රීඩකයන් අතර 08 වන ස්ථානය (උඩපන්දු 06 ක්)
 
⭕ ජාත්‍යන්තර ටෙස්ට් තරගයකදී 02 වන කඩුල්ල වෙනුවෙන් පිතිකරුවන් දෙදෙනෙකු විසින් ගොඩනැගූ අටවන හොඳම ලකුණු සබදතවයට දයක වූ ක්‍රීඩකයෙක් (361 VS PAK IN 2019)
 
⭕ ජාත්‍යන්තර එක්දින තරග රටාව තුළ කැලැන්ඩර් වසරකදී වැඩිම ශතක සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවන් අතර 02 වන ස්ථානය ( 2016 – ශතක 07 ක්)
 
⭕ ජාත්‍යන්තර එක්දින තරගයක ඉනිමකදී වැඩිම හතරේ පහර සංඛ්‍යාවක් එල්ල කළ පිතිකරුවන් අතර 04 වන ස්ථානය (4s – 24 VS SA IN 2016)
 
⭕  ජාත්‍යන්තර එක්දින තරග රටාව තුළ වේගයෙන්ම ලකුණු 6000 සීමාවට ළඟා වූ පිතිකරුවන් අතර 04 වන ස්ථානය (ඉනිම් 139)
 
⭕ ජාත්‍යන්තර එක්දින තරගයකදී පළමු කඩුල්ල වෙනුවෙන් පිතිකරුවන් දෙදෙනෙකු ගොඩනැගූ 05 වන ඉහළම ලකුණු සබඳතාවයට දායක වූ පිතිකරුවෙක් (284 VS PAK IN 2017)
 
⭕ ජාත්‍යන්තර විස්සයි විස්ස තරග රටාව තුළ වැඩිම වාර ගණනක් තරගාවලියේ වීරයා සම්මානය දිනාගත් ක්‍රීඩකයන් අතර 02 වන ස්ථානය (අවස්ථා 05)
 
⭕ ජාත්‍යන්තර විස්සයි විස්ස තරග රටාව තුළ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර 08 වන ස්ථානය (ලකුණු 3,277)
 
⭕ ජාත්‍යන්තර විස්සයි විස්ස තරග රටාව තුළ වැඩිම අර්ධ ශතක සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවන් අතර 05 වන ස්ථානය (අර්ධ ශතක 29 ක්)
 
⭕ ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයකදී හතරවන කඩුල්ල වෙනුවෙන් ක්‍රීඩකයන් දෙදෙනෙකු ගොඩනැගූ 04 වන ඉහළම ලකුණු සබදතාවයට දායක වූ පිතිකරුවෙක් (161 VS SA IN 2016)
 
⭕ තම මංගල T20I තරගයේදී වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර 07 වන ස්ථානය (89 VS SA IN 2009)
 
⭕ ජාත්‍යන්තර විස්සයි විස්ස තරග රටාව තුළ වැඩිම හතරේ පහරවල් සංඛ්‍යාවක් එල්ල කළ පිතිකරුවන් අතර 06 වන ස්ථානය (හතරේ පහරවල් 337ක්)
 
⭕ ජාත්‍යන්තර විස්සයි විස්ස තරග රටාව තුළ ලකුණු 3000 සීමාවට වේගයෙන්ම ළඟා වූ පිතිකරුවන් අතර 08 වන ස්ථානය (ඉනිම් 102)
 
⭕ ජාත්‍යන්තර විස්සයි විස්ස තරග රටාව තුළ වැඩිම උඩපන්දු සංඛ්‍යාවක් රැකගත් ක්‍රීඩකයන් අතර 08 වන ස්ථානය (උඩපන්දු 62 ක්)

Share This Post

Post a comment

Trending Articles

ranatunga
Read More
Sanath-Jayasuriya-appointed-Head-Coach-1080x675
Read More
647538134_2156301918503146_5003940479759199144_n
Read More