
ඔස්ට්‍රේලියා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයාට පහරදුන් 03 දෙනාට සහනයක්
මත්ද්‍රව්‍ය ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ස්ටුවර්ට් මැක්ගිල්ට පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පුද්ගලයින් 03 දෙනෙකුට සිර දඩුවම් නියමවීම වැළකී ගොස් තිබෙනවා.
පැහැරගැනීමේ චෝදනා ඉවත් කිරීමෙන් පසු 2021 අප්‍රේල් මාසයේදී මැක්ගිල්ට බිය ගැන්වීම සහ පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් 03 දෙනා වරද පිළිගත්තා.
ඒ වන විට, කොකේන් අලෙවියක් සඳහා තැරැව්කරුවෙකු වීමෙන් පසු ඔහු මත්ද්‍රව්‍ය වංචාවකට වගකිව යුතු බවට අධිකරණයේදී විභාග වුණා.
2021 අප්‍රේල් මාසයේදී මැක්ගිල්ව ඔහුගේ ක්රෙමෝර්න් නිවසේ සිට බ්රින්ජෙලි තදාසන්න ප්‍රදේශයේ
අතහැර දැමූ දේපලකට ගෙන ගොස් පැය ගණනක් රඳවා තබාගෙන කිහිප වතාවක් පහර දී ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.
ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණය අද (30) ප්‍රකාශ කළේ කොකේන් කිලෝග්‍රෑම් 2 ක් විකිණීම සඳහා තැරැව්කරු වීමට උදව් කළ නිසා මත්ද්‍රව්‍ය වංචාවකට මැක්ගිල් වගකිව යුතු බවයි.
Share This Post
