
ඔස්ට්‍රේලියා නායිකා ඇලීසා හේලි විශ්‍රාම ගනී ?
ඔස්ට්‍රේලියා එක්දින ක්‍රිකට් නායිකා ඇලීසා හේලි ක්‍රීඩාවෙන් සමුගන්නා බවට ඉගි පළකර තිබෙනවා.
ඊයේ (30) පැවති ලෝක කුසලාන අවසන් පූර්ව වටයේ තරගයෙන් ඉන්දියාව හමුවේ ලද පරාජයෙන් පසුවයි ඇය මේ බව කියාසිටියේ.
විශ්‍රාම ගැනීමට සුදුසුම වයස එළැඹෙමින් ඇති බවද නායිකාව සඳහන් කලා.
මෙය ඇගේ අවසන් එක්දින ලෝක කුසලාන තරගය බව ඇය තහවුරු කළාය.
තම වයසේ ක්‍රීඩකයින් ක්‍රීඩාවෙන් ඉවත් වී ඊළග පරම්පරාව ක්‍රීඩාව භාර ගන්නා ආකාරය දැක බලා ගැනීමට එහි සිටිනු දැකීම අමුතු අත්දැකීමක් බව ඇලීසා හේලි පැවසුවාය.
Share This Post
