
ඔස්ට්‍රේලියා ක්‍රිකට් Indoor Cricket සඳහා මුදල් දීම නවතයි
ගෘහස්ථ ක්‍රිකට් (Indoor Cricket) සඳහා මින් ඉදිරියට මෙහෙයුම් සහ මූල්‍ය ආධාර ලබා නොදීමට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
තමන්ට ස්ථිර නොවන පිරිවැය පදනමක් ඇති බවත් ගෘහස්ථ ක්‍රීඩාවට තවදුරටත් සහාය නොදක්වන බවත් රට පුරා ගෘහස්ථ ක්‍රිකට් නිලධාරීන්ට දැනුම් දීමටයි ඔවුන් පියවර ගෙන ඇත්තේ.
ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය විසින් 2009 දී ගෘහස්ථ ක්‍රිකට් පවත්වාගෙන යාම ආරම්භ කළ අතර පසුගිය වසර වන විට 100,000 කට ආසන්න පිරිසක් එවැනි තරගවල නිරත වී තිබුණා.
ජාතික ශූරතා, ඔස්ට්‍රේලියානු කණ්ඩායම් සහ සියලූම ගෘහස්ථ ක්‍රිකට් මෙහෙයුම් සඳහා අරමුදල් සැපයීම කප්පාදුවලට ඇතුළත්.
2024-25 මූල්‍ය වර්ෂය සඳහා ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය ඩොලර් මිලියන 11 කට ආසන්න පාඩුවක් අත්කර ගනු ඇතැයි අපේක්ෂා කිරීමට පෙර මෙම තීරණය පැමිණ තිබෙනවා.
Share This Post
